රටේ ජනාධිපති වරයාම විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලැබූ අයෙක් නම්, ඔහුගේම පුත්‍රයා නීති විද්‍යාලයේ හොරට විභාගය සමත් වූ අයෙක් නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමට තමාගේ පියා දේශපාලනඥයෙක් වූ පලියට ඇතුළු වීමට හැකිනම්, මෙරට තානාපති සේවයට ගෝඨා බාප්පිලාගේ දූලා හෙවත් හොඳම වර්ගයේ පුද්ගලික පන්දම් කාරයෝ නොහොත් රටේ පවට බිහිවන ශාපකාරී මිනිසුන් පත් වන්නේ නම් මෙම විශ්ව විද්‍යාල වලට තේරුණා වූ නව යොවුන් වියේ අසරණ සිසුන්ට දෙන නායකත්ව පුහුණුව මොන කෙන්ගෙඩියකටද? මෙම සිසුන් වතුර බේසම් වල එළි වෙනකම් දෙපා ඔබා ගෙන, ඇස් යට කළු වෙනකම් නිදි වරා පාඩම් කළේ මේ මංගල්ලය සිදු කර ගැනීමටද?
කතු වැකිය
ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊයේ විශ්ව විද්‍යාල සිසුන් සඳහා වූ නායකත්ව පුහුණුව නිල වශයෙන් තමන්ගේ මන්දීරදී ආරම්භ කරනු ලැබීය. කිරි, පැණි ,කුරක්කන් රොටී හෝ කළු කෝපි සිසුන්ට දුන්නේ දැයි නොදනිමු. අදාළ පුහුණුව සංඛේතවත් කරමින් තමන් අභිමුඛව වඳ වැටෙන සරසවි සිසුන්ගේ සේයාරුද මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබීය. නීතිය එක පයිසයකට ගණන් නොගන්නා රටක ස්වාධීනව පැවතිය යුතු ආයතන සියල්ලම තමන්ගේ බුදලයන් ලෙස තබා ගනිම්න් අල්ලේ නටවන රටේ සබැ නිදහස කාබාසිනියා කරන කපටි නරි වෙස් ගෙන සිටින රාජපක්ෂ රජු අභිමුකව දනින් වැට්ටවීමට සිසුන් පෙළඹ වීම සමාන වන්නේ මීට මාස කිහිපයකට පෙර තංගල්ලේදී පැවති ඩී. ඒ. රාජපක්ෂ ගුණ සමරු උළෙලේදී කුඩා පාසල් සිසුන් වහල්කමට ගෙන මෙන් ඔහු වෙනුවෙන් ඉදිකළ පිළිමයට නෙලුම් මල් තබා වැඳවීමටය. මේ සියල්ල තමන්ගේ බල පරාක්‍රමය හීන වේ යැයි සිතා ගෙන කටයුතු කරන හිතේ බයෙන් වෙවුලන අන්තවාදී බමුණන්ගේ ගති ගුණය. මානසික රෝගීන්ගේ ස්වාභාවයය.
ජනාධිපතිවරයා සඳහන් කරන ආකාරයට යුද්ධයේ තිබු විනය රටේ වැඩ බිම් වලටද රැගෙන යා යුතුය. මෙය ඉතා බරපාතල කතාවකි. රටක ආරක්ෂක සහ සිවිල් අංශ වල පිළිගත් වෙනසක් තිබේ. එසේම පිළිගත් වුර්තීමය වෙනස් කම් තිබේ. නමුත් රාජපක්ෂ පාලනය අද සෑම දෙකටම විසඳුම් සොයනු ලබන්නේ මිලිටරිය ඔස්සේය. මෙයින් පෙනෙන්නේ තමාද ඇතුළු දේශපාලන ක්ෂේත්රය මුළුමනින්ම කුණු වී ඇති ආකාරයයි. ඔහු එහිදී ඉදිරිපත් කළ අදහස ලංකාවේ ඇත්ත තත්වය සමඟ කිසි සේත්ම ගැලපෙන්නේ නැත.
ජනාධිපති රාජපක්ෂ මෙසේ සඳහන් කළේය; " ඔබ දැන් මේ රටේ සුවිශේෂ කණ්ඩායමකට අයිති බව මේ මොහොතේ මම මතක්කර දෙන්න ඕනෑ. මේ දූලා පුතාලත් එක්කම ලක්ෂ තුනකට ආසන්න පිරිසක් මීට වසර දහතුනකට කලින් පළවැනි ශ්‍රේණියට ඇතුළු වුණා. ඒ අය අතරින් අ.පො.ස. සාමාන්‍ය පෙළ සමත් වෙලා උසස් පෙළට ඉඳගත්තේ එක්ලක්ෂ පනස්දාහක පමණ පිරිසක්. ඒ එක්ලක්ෂ පනස්දහසිනුත් අද විශ්වවිද්‍යාලවලට තේරිලා ඉන්නේ විසිතුන්දහසක පමණ පිරිසක්. ඒ වාසනාවන්ත පිරිස තමයි ඔබ. මේ රටේ ඉතා සුවිශේෂී කණ්ඩායමක්, 23,000 ක පිරිසකට අයත් වෙන්න තරම් දක්ෂයෝ ටිකක් වටිනාම තරුණ පිරිසක් අතරටයි ඔබ එක් වෙන්නේ. ඒ දක්ෂකම, ඒ වටිනාකම අපි හොඳට අවබෝධ කරගෙන ඉන්නවා. අපට අවශ්‍ය වන්නේ මේ රටේ ඉගෙන ගැනීමට දක්ෂතා ඇති දක්ෂතා ඔප්නංවාගත හැකි දක්ෂයෝ ටික ඉදිරියට ගෙන එන්න. ඒ පිරිස තමයි අනාගතයට නායකත්වය දෙන්නේ. ඔවුන් ඒ සඳහා යොමු කිරීම අපේ වගකීමක්."
අපි දන්නා රාජපක්ෂට අනුව හෙතම විශ්ව විද්‍යාලයක අධ්‍යාපනයක් හෙබි අයෙක් නොවේ. මහාචාර්ය සුනිල් ආරියරත්න තමන්ගේ මහින්ද වර්ණනාවේ සඳහන් කළ ආකාරයටනම්, මහා වීර කවයක වීරයාගේ චරිතය රඟ පෑමට සුදුසු මහරජානෝ විද්‍යොදයේ පුස්තකාලයේ සේවය කොට ඇත. විශ්ව විද්‍යාලයකට ගියේද නැද්ද යන්නට වඩා වැදගත් වන්නේ ලංකාවේ මෙන්ම ලෝකෙයේ නායකයින් බිහි වූ අකාරය ගැන සලකා බැලීමය . ලෝකයේ කිසිම තැනක නායකයින් යන්ත්‍ර මෙන් තැනිය නොහැකිය. නායකයින් වූ කලී සමාජ - ආර්ථික අවශ්‍යතා මත පැන නගින බලවේග වේ. රිසි සේ රාජ්‍ය බලය යොදා අසරණයින් මැරීමද එහි එක් සුදුකමකි. රාජපක්ෂ මෙන්ම මීට පෙර පැවති මෙරට නායකයින්ද මෙම ගුණය ඉතා මනාව පේනවා ඇත. ඒ කිසිඳු ඝාතනයකට සමාව ගැනීමට තරම් මොවුන් අභිමානවත් නැත. එවැනි පුරුද්දක් නැත.
රාජපක්ෂ හෝ ඔහුගේ ඇමතිවරුන් ඊයේ දිනයේදී ගෙතු පට්ටපල් බොරු තව දුරටත් මෙහි විස්තර කිරීම වැදගත් නැත. අනෙක් අය මෙන් රාජපක්ෂ කතාව පටන් ගන්නේම බොරුවෙනි. එහෙව් තත්ත්වක් යටතේ රටේ අනාගත නායකයින් තැනීමට යයි කියමින් කරගෙන යන මෙකි වංචාව සමාජය මර්ධනය කිරීමේ තවත් එක් වැඩ පිළිවෙලක් මිස වෙන කිසිවක් නොවේ.
අපේ අදහස අනුව නම් මෙවැනි පුහුණුවක් ලබා දීමේ වැදගත් කමක් ඇත. නමුත් එය මේ අකාරයෙන් කැඳහැලියක් කරගෙන නොවේ. එහීදී පළමුව වැදගත් වන්නේ අදාළ පුහුණුව සඳහා සහභාගී වන සිසුන්ගේ සෞඛ්‍ය තත්වය සේම පුහුණුව සඳහා පැමිණෙන සිසුන්ගේ ආරක්ෂාවය. එසේම වැදගත්ම කාරණය වන්නේ මෙවැනි පුහුණුවක් අවශ්‍ය වන්නේ විශ්ව විද්‍යාල සිසුන්ට පමණක් නොවේ. එනම් ද්විතීයක අධ්‍යාපනය හමාර කළ සියලුම සිසුන්ට අවශ්‍ය වේ. ඔවුහු මේ රටේ , මේ පොලවේ තව දුරටත් ජීවත් වන පුරවැසියන්ය. රටේ 12 % ක ළමුන්ට පමණක් හමුදාව යොදා නායකත්ව පුහුණුවක් ලබා දීම ගැන තේරෙන බාසාවෙන් කිව හැක්කේ , මොන බම්බුවටද කියාය. එය සිදු කළ යුත්තේ සියල්ලටම අදාළ වන සේ මනා වැඩ පිළිවෙලක් යටතේ මිස තෝරාගත් සුළු පිරිසකට නොවේ. රටේ ජනාධිපති වරයාම විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නොලැබූ අයෙක් නම්, ඔහුගේම පුත්‍රයා නීති විද්‍යාලයේ හොරට විභාගය සමත් වූ අයෙක් නම්, ශ්‍රී ලංකා ක්‍රිකට් කණඩායමට තමාගේ පියා දේශපාලනඥයෙක් වූ පලියට ඇතුළු වීමට හැකිනම්, මෙරට තානාපති සේවයට ගෝඨා බාප්පිලාගේ දූලා හෙවත් හොඳම වර්ගයේ පුද්ගලික පන්දම් කාරයෝ නොහොත් රටේ පවට බිහිවන ශාපකාරී මිනිසුන් පත් වන්නේ නම් මෙම විශ්ව විද්‍යාල වලට තේරුණා වූ නව යොවුන් වියේ අසරණ සිසුන්ට දෙන නායකත්ව පුහුණුව මොන කෙන්ගෙඩියකටද? මෙම සිසුන් වතුර බේසම් වල එළි වෙනකම් දෙපා ඔබා ගෙන, ඇස් යට කළු වෙනකම් නිදි වරා පාඩම් කළේ මේ මංගල්ලය සිදු කර ගැනීමටද?