<body><script type="text/javascript"> function setAttributeOnload(object, attribute, val) { if(window.addEventListener) { window.addEventListener('load', function(){ object[attribute] = val; }, false); } else { window.attachEvent('onload', function(){ object[attribute] = val; }); } } </script> <div id="navbar-iframe-container"></div> <script type="text/javascript" src="https://apis.google.com/js/plusone.js"></script> <script type="text/javascript"> gapi.load("gapi.iframes:gapi.iframes.style.bubble", function() { if (gapi.iframes && gapi.iframes.getContext) { gapi.iframes.getContext().openChild({ url: 'https://www.blogger.com/navbar.g?targetBlogID\x3d10174147\x26blogName\x3dServing+Sri+Lanka\x26publishMode\x3dPUBLISH_MODE_BLOGSPOT\x26navbarType\x3dBLUE\x26layoutType\x3dCLASSIC\x26searchRoot\x3dhttp://servesrilanka.blogspot.com/search\x26blogLocale\x3den_US\x26v\x3d2\x26homepageUrl\x3dhttp://servesrilanka.blogspot.com/\x26vt\x3d-6055606241811368541', where: document.getElementById("navbar-iframe-container"), id: "navbar-iframe" }); } }); </script>
Serving Sri Lanka

This web log is a news and views blog. The primary aim is to provide an avenue for the expression and collection of ideas on sustainable, fair, and just, grassroot level development. Some of the topics that the blog will specifically address are: poverty reduction, rural development, educational issues, social empowerment, post-Tsunami relief and reconstruction, livelihood development, environmental conservation and bio-diversity. 

Friday, May 06, 2011

විශ්ව විද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය සටන් වෙත එළඹුණේ ඇයි?

විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයේ විධායක කමිටුවෙන් ප්‍රකාශයක්


වෘත්තීය සමිතිවල ඉතිහාසය කෙටි වියහැකි වුවද ඒ කෙටි කාලය තුළදී ජාතික රාජ්‍යයන්හි කටයුතු සම්බන්ධයෙන් තරම් වෘත්තීය සමිතිවල පැවැත්ම ඇදහිය නොහැකි තරම් බලවත් එකකි. වෘත්තීය සමිති ඓතිහාසික වශයෙන් විකාශනය වූයේ වැඩ කරන ජනතාවට තමන්ගේ අයිතිවාසිකම් හා අවශ්‍යතා සාමූහිකව අරාක්ෂා කර ගැනීම පිණිසය. මුදු හා දෘඪ සාකච්ඡා මාර්ගයෙන් තම ඉල්ලීම් දිනා ගැනීමට වෘත්තීය සමිති තැත් කරතත් සමහර අවස්ථාවලදී - විශේෂයෙන් තම සේවා සේවාදායකයන් සේවකයන්ගේ අවශ්‍යතා නොසලකා හරින අවස්ථාවලදී දැඩි වෘත්තීය සටන් මාර්ග වෙත එළඹීමට වෘත්තීය සමිතිවලට බලූ කරනු ලැබේ. විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සමිති වැනි මධ්‍යම පාන්තික වෘත්තීය සමිති නිතරම වැඩි කැමැත්තක් දක්වන්නේ සාකච්ඡා මාර්ගයෙන් ඉල්ලීම් දිනා ගැනීමටය. ඒ නිසා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සහ එහි සාමාජීක වෘත්තීය සමිති තමන්ගේ ඉල්ලීම්වලට සතුටුදායක විසඳුමක් දිනා ගැනීම සඳහා විවිධ මට්ටම්වල සාකච්ඡා පැවැත්වීය. එම අරමුණු ඇතිව ජනාධිපතිවරයා, උසස් අධ්‍යාපන ඇමතිවරයා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම, භාණ්ඩාගාර ලේකම්, වැටුප් හා කාඩර කොමිසම සමග විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සාකච්ඡා පැවැත්වීය.


කෙසේ වෙතත් බොහෝ පොරොන්දු දෙනු ලැබුවද ඒ කිසිවක් ඉටු කර නැත. මේ නිසා තම ඉවසීමෙහි සීමාව පසු කළ විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය තම සුජාත දුක් ගැනවිලි පිළිබඳ රජය දක්වන ඇල්මැරුණු ප්‍රතිචාරය පිළිබඳ සිය අප්‍රසාදය පළ කිරීම උදෙසා 2010 සැප්තැම්බරයේදී වෘත්තීය සටන් ක්‍රියා මාර්ග දියත් කළේය. එහෙත් 2011 අය වැය මගින් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ ඉල්ලීම් සමගි සම්පන්නව විසඳීමට රජයේ බලවත් කමිටුවත් මගින් පොරොන්දු වීම නිසා ඒ පිළිබඳ විශ්වාසයෙන් ආචාර්යවැන්ගේ සමිති සම්මේලනය විසින්


ගැනීමට නියමිතව තිබූ වෘත්තීය ක්‍රියා මාර්ග අත් හිටවන ලදී. එම එක`ගතාව ඇති කර ගැනීමට ටික දෙනකට පෙර පාර්ලිමේන්තුවට ප්‍රකාශයක් කළ උසස් අධ්‍යාපන ඇමති එස් බී දිසානායක මහතා දකුණු ආසියානු කලාපයේ අනික් රටවල සරසවි ඇදුරන්ගේ වැටුප් හා සමවෙන ලෙස විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප විශාල වශයෙන් වැඩි කරන බව කීවේය. ඒ පොදු ප්‍රකාශයෙන් නොනැවතුණු ඇමතිවරයා මහාචාර්යවරයෙකුගේ වැටුප රුපියල් දෙලක්ෂයක් දක්වා ඉහළ දමන බවද කී නමුත් ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය සාකච්ඡා සඳහා


බලධාරින් වෙත ඉදිරිපත් කරන ලේඛනයෙන් ඉල්ලා සිටියේ ඊට ඛෙහෙවින් අඩු වැටුපකි. එහෙත් 2011 අය වැය ආචාර්යවරුන්ගේ වැටුප් පිළිබඳ ප්‍රශ්නය පිළිබඳව කිසිම අර්ථ සම්පන්න ආකාරයකින් ක්‍රියා කළේ නැත. අචාර්්‍යවරුන්ගේ සමිති සම්මේලනය මාර්තු 15 දා සංකේත වැඩවර්ජනයක් මගින් නැවතත් වෘත්තීය සටන් දියත් කරන්නට තීරණය කළේ මෙවන් සංදර්භයක් තුළය. මෙම සංකේත වැඩ වර්ජනයෙන් පසු උසස් අධ්‍යාපනා ඇමතිවරයා ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනයට අපි්‍රයෙල් 17 වැනිදා තමා හමු වන ලෙස දැනුම් දුන්නේය. මෙම රැස්වීමේදී තමා ආචාර්යවරුන්ගේ සියලූ ඉල්ලීම්වලට ප්‍රතිපත්තිමය වශයෙන් එක`ග බව නැවතත් කියා සිටි අතර ජනාධිපතිවරයා සමග හමුවක් ලබා දෙන බවද කීවේය. මේ අනුව ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ඇමතිවරයා මාර්ගයෙන් ජනාධිපතිවරයාට ලිපියක් යැවූ නමුත් මුණ ගැසීමට අවස්ථාවක් ලබා දීම තමා ඒ ලිපිය ලැබුණ බව දැනුම් දීමක් වත් ජනාධිපති කාර්යාලය විසින් කෙරුණේ නැත. මේ නිසා සියලූම සාමාජික සමිති විසින් දැඩි වෘත්තීය සටන් ක්‍රියා මාර්ග මාලාවක් ක්‍රියාත්මක කිරීමට ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය ගත් තීරණයට සහාය දැක්විණ.


ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය විසින් ගැනීමට තීරණය කරන ලද වෘත්තීය ක්‍රියා මාර්ග මේවාය:


1. තමන් දරණ සියලූ ස්වේච්ඡා පරිපාලන තනතුරුවලින් ඉල්ලා අස්වීම. අවශ්‍ය පහසුකම් හා පරිසරය සපයා දෙනු ලබන්නේ නම් විශ්ව විද්‍යාල ආචාර්යවරුන් තමන්ගේ සාමාන්‍ය වැඩ දිගටම කරගෙන යනු ඇත.


2. 2011 අගෝස්තු මස අපොස උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂා කටයුතුවලට සහළභාගිවීමෙන් වැලකී සිටීම


එසේම ඇමතිවරයා ඇතුළු බලධාරීන් විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සුදුසුකම් හා කීර්තිය පළුදු කිරීම පිණිස කරන පදනම් විරහිත චෝදනා පිළිබඳ විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කළකිරීම හා අසතුටද ප්‍රකාශ කර සිටී. එසේම 2011 අයවැය මගින් සෙසු රජයේ සේවකයන්ගේ වැටුප 5 %කින් ඉහළ දමන අතර විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වැටුප 36% කින් ඉහළ දැම්මේය යනුවෙන් ආණ්ඩුව කරන ප්‍රකාශයද ආචාර්ය සමිති සම්මේලනය ප්‍රතික්ශේප කරයි. සිදු වී ඇත්තේ ඊට සපුරා වෙනස් දෙයකි. සෙසු රජයේ සේවකයන්ට වරප්‍රසාද දෙන අතර විශ්ව විද්‍යාල ආචාර්වරුන් මත තවත් සීමා බාධක පැනවිණ. තීරු බදු සහන සහිත වාහන ආනයනය පිළිබඳ සීමා පැනවීම ඉන් එකකි. අලූතින් හඳුන්වා දෙන ලද ඡAශෑ බද්ද මගින් අය වැය මගින් දෙන ලද වැටුප් වර්ධකයද තව දුරටත් ඛාදනය කර දමයි.


1980 ගණන්වල මුල සිට විශ්ව විද්‍යාලවල තත්ත්වය විවිධ හේතු නිසා පිරිහෙන්නට විය. වසර


ගණනාවක් පුරා විශ්ව විද්‍යාල වැටුප් හා දීමනා ඒ හ සමාන්තර අනෙකුත් අංශයන්ගේ වැටුප්වලට වඩා විශාල වශයෙන් පහත වැටෙන්නට ඉඩ හළ නිසා අපේ හොඳම උපාධිධාරින් විශ්ව විද්‍යාල පද්ධතිය තුළ රඳවා ගැනීමට අපට නොහැකි විය. හොඳම තරුණ උපාධිධාරීන් එක්කෝ වැඩි වැටුප් ඇති අංශ වෙත ඇදී යති නැත්නම් සරුසාර ජීවිතයක් සොයා විදේශ ගත වෙති. උසස් අධ්‍යාපන අමාත්‍යාශයම කියන ලෙෂ අධ්‍යයන නිවාඩු හෝ සප්ත වාර්ෂික නිවාඩු ලබා විදේශගත වූ විශ්ව විද්‍යාල ආචාර්යවරුන් 550 දෙනෙක් පෙරළා නොපැමිණියහ. මේ වුකලි රටෙහි හොඳම මනස්වලට විශ්ව විද්‍යාල ආචාර්ය වෘත්තිය හා එහි ඇති පහසුකම් කෙතරම් නම් අකාර්ෂණයෙන් තොරද යන්නය. මෙම නිෂේධනීය තත්ත්වය විදේශගත වු පෙරළ නොපැමිණෙන අයට සීමා නොවේ. ඇතැම් පීඨවල පවතින කාඩර් තනතුරු පුරවා ගැනීමට සුදුසු අයවත් සොයා ගත නොහැකි තත්ත්වයක් පවතින අතර එය එම පීඪවලින් බිහිවන උපාධිධාරීන්ගේ තත්ත්වය පහත හෙළන්නටත් විශ්ව විද්‍යාලවලින් සැපයිය යුතු ශාස්ත්‍රීය දායකත්වය පහත හෙළන්නටත් හේතු වී ඇත. මේ නිසා රජය විශ්ව විද්‍යාලවල තත්ත්වය ඉහළ නැංවීමේ අවංක විශ්වාසයෙන් යුක්ත නම් දේශීය මෙන්ම කලාපීය වශයෙන් සමාන හා සමාන්තර අංශවල වැටුප් හා සමාන වූද ආකර්ෂණීය වූද වැටුප් ව්‍යුහයක් හඳුන්වා දිය යුතුය. ඉන්දියාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරයෙක් රුපියල් 250000 ක තරම් වන වැටුපක් හා අනෙකුත් වරප්‍රසාද ලබයි. පෞද්ගලික විශ්ව විද්‍යාල හා රාජ්‍ය නොවන විශ්ව විද්‍යාල යන —හොඳ වචනයෙන්˜ හඳුන්වන විශ්ව විද්‍යාල රාජ්‍ය විශ්ව විද්‍යාලවලට විකල්පයක් වෙතියි හෝ රාජ්‍ය විශ්ව විද්‍යාල විනාශ වී යාමෙන් ඇති වන රික්තය පුරවතියි හෝ රජය සිතන්නේ නම් එය සමාව දිය නොහැකි වරදකි.


රාජ්‍ය විශ්ව විද්‍යාල ලාබ නූපදවන ආයතනයන්ය යනුවෙන් ආණ්ඩුව කරන ප්‍රකාශය විහිළුවක් පමණක් නොව භයානකද වන්නේ එමගින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ කරන ආයෝජන පිළිබඳ දරන උද්ධච්ඡ හා මුග්ධ ආකල්පය හෙළි වන හෙයිනි. මහජන යහපත හා සුබ සිද්ධිය උදෙසා කරන ආයෝජන සෑම විටෙකම ක්ෂණික හො මිනිය හැකි ප්‍රතිපල ගෙන දෙන්නේ නැත. උසස් අධ්‍යාපනය උදෙසා කරන ආයෝජන මෙම ශ්‍රී ලාංකික ජාතියෙහි අනාගතය වෙනුවෙන් කරන ආයෝජනයකි. ඒ වුකලි කිසිම පෞද්ගලික විශ්ව විද්‍යාලයක් සද්භාවයෙන් නොගන්නා වගකීමකි.


පසු ගිය සංකේත වැඩ වර්ජනයේ සිට ලංකාවේ විශ්ව විද්‍යාල ආචාර්යවරු ජාතිකව හා ජාත්‍යන්තරව විපර්කාරක දායකත්වයක් සැපයිය හැකි ලෝක මට්ටමේ උපාධිධාරීන් හා පර්යේෂකයන් බිහි කරන උසස් තත්ත්වයේ අධ්‍යාපන ආයතන ලෙස රාජ්‍ය විශ්ව විද්‍යාල ආරක්ෂා කිරීමට දැඩි කැපවීමක් හා අධිෂ්ඨානයක් පෙන්වූහ. මෙම සමස්තය අරගලය අන් කවරක් සෂඳහාවත් නොව රාජ්‍ය විශ්ව විද්‍යාල ලංකාවේ මහජනයාට, ඔවුන්ගේ මිළ ගෙවීමේ හැකියාව නොසලකා, උසස් අධ්‍යාපන අයිතිය සහතික කිරීමට හා අපේ වෘත්තීයේ තත්ත්වය හා ගෞරවය ආරක්ෂා කිරීම සඳහාය.


ආණ්ඩුව ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රම මාර්ගයෙන් විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ වෘත්තීය සටන් බිඳ දැමීමට කටයුතු කරන බව පෙනේ. අප සාමූහිකයක් ලෙස ඊට මුහුණදීමට සූදානම් බව නැවත නැවතත් කියා සිටිමු. සුහදශීලී විසඳුමක් කරා යා හැකි අවස්ථාවන් විනාශ කර දමන ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවලින් වැලකී සිටින ලෙස අපි රජයෙන් ඉල්ලා සිටිමු. තමන්ගේ සුජාත ඉල්ලීම් දිනා ගැනීමට විශ්ව විද්‍යාල ආචාර්යවරුන් කරන මෙම සටනෙහි ජය අධ්‍යාපනයෙහිද උසස් අධ්‍යාපනයෙහිද විද්‍යාවෙහි හා සංවර්ධනයෙහිද ජයග්‍රහණයක් බව ආණ්ඩුව වටහා ගත යුතුය. මෙම සටනෙහි යෙදී සිටින විශ්ව විද්‍යාල ආචාර්යවරුන් ගුණාත්මක බවෙන් ඉහළ මහජන අධ්‍යාපනය පිළිබඳ මූල ධර්මයට දිවි හිමියෙන් කැප වූ පිරිසක් නිසා ඔවුන්ගේ ජය වුකලි තමන්ගේ දරුවන්ට උසස් අධ්‍යාපනයක් ලබා දීම සඳහා ඇති එකම මග රාජ්‍ය විශ්ව විද්‍යාල වූ බහුතරයක් ශ්‍රී ලාංකිකයන්ගේද විජයග්‍රහණයකි. ඒ නිසා අධ්‍යාපනය අවස්ථා හා ප්‍රමිතිය ඉහළ දැමීම සඳහා රාජ්‍යය අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, විද්‍යාව හා සංවර්ධනය සඳහා වෙන් කරන වාර්ෂික වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 6% දක්වා වැඩි කළ යුතු බවද විශ්ව විද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යෝජනා කරයි. අවසාන වශයෙන්, , වසර පහකින් පමණ ලංකාව ආසියාවේ දැනුම් කේන්ද්‍රය කරමින් මේ රට ආසියාවේ ඊ ළ`ග ආශ්චර්ය කරන්නට තැත් කරන ආණ්ඩුවේ අභිලාෂයේදී තමන්ගේද ජයග්‍රහණයක් ලෙස ආණ්ඩුව අපේ ජයග්‍රහණය දකිනු ඇතැයිද අපි අපේක්ෂා කරමු.


Post a Comment

« Home
Powered for Blogger by Blogger Templates